WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුවට මහජන අදහස් කැඳවයි

I
Ishanka Jayasuriya
June 6, 2026 · 1 min read
2 viewsf𝕏W
උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුවට මහජන අදහස් කැඳවයි
යෝජිත උසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරියගේ මඟපෙන්වීම යටතේ, විද්වත් කමිටුවක දායකත්වයෙන් මෙම ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී.
ඒ සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර, ඊට සමගාමීව මහජන අදහස් විමසීමක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, මහජනතාවගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා මාර්ගගත ප්‍රශ්නාවලියක් mohe.gov.lk⁠� වෙත ඇතුළත් කර තිබේ.
මහජනතාවට mohe.gov.lk⁠� ඔස්සේ පිවිස සිය අදහස් ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බටගොඩ ගින්නෙන් මියගිය 13 දෙනාගෙන් පස්දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්
Next
වකුගඩු ගල් සැත්කම් පොරොත්තු ලේඛනය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක්

More in Breaking News