සහරා කාන්තාරය හරහා ගමන් කරමින් සිටි ට්‍රක් රථයක් කාර්මික දෝෂයකට ලක්ව නතර වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 49 දෙනෙකු දැඩි පිපාසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාලි සහ ඇල්ජීරියා දේශසීමාව ආසන්නයේ පිහිටි අසමකා ප්‍රදේශයට බටහිරින් කිලෝමීටර් 80කට අධික දුරකදී මෙම සිද්ධිය වාර්තා වී තිබේ.
මියගිය සියලු දෙනා නයිජීරියානු ජාතිකයින් වන අතර, මාලි රාජ්‍යයේ පැවැති ආගමික උත්සවයකට සහභාගී වී නැවත සිය රට බලා යමින් සිටියදී මෙම ඛේදවාචකයට මුහුණ පා ඇත.
කෙසේ වෙතත්, මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු දිවි ගලවා ගැනීමට සමත්ව ඇති අතර, ඔවුන් ජලය සොයා කිලෝමීටර් 50කට වැඩි දුරක් පයින් ගමන් කර අසමකා ප්‍රදේශයට ළඟා වී තිබේ.
ඔවුන් ලබාදුන් තොරතුරු මත ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම් අදාළ ස්ථානයට ළඟා වී ඇති අතර, ට්‍රක් රථය අවට විසිරී තිබූ මළසිරුරු 49ක් සොයාගෙන ඇත.
පසුව එම මළසිරුරු සියල්ලම එම ප්‍රදේශයේම සමූහ මිනී වළක තැන්පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.




